Friday, April 26, 2024
Follow Us
මහකන්නයේ බඩඉරිගු වගාව සදහා යූරියා පොහොර බෙදා හැරීම ඇරඹේ

මහකන්නයේ බඩඉරිගු වගාව සදහා අවශ්‍ය යූරියා පොහොර බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුනට යූරියා මෙට්ට්‍රික් ටොන් එක්ලක්ෂ 75,000ක් නිකුත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ.

මොණරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක සදහා යූරියා මෙට්ට්‍රික් ටොන් 75,000 බැගින් ඊයේ දිනය වනවිට බෙදා හැර තිබෙනවා.

කුරුණැගල දිස්ත්‍රික්කයේ බඩඉරිගු වගාවන් සදහා යූරියා මෙට්ට්‍රික් ටොන් 25,000ක් බෙදා හැර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. බඩඉරිගු වගා කරන හෙක්ටයාර් 1ක් සදහා යූරියා පොහොර කිලෝ 200ක ප්‍රමාණයක් ලබා දෙන අතර කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යූරියා පොහොර මිටියක් ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ නිකුත් කෙරෙන්නේ රුපියල් 15,500ක මිලකටයි.

Neth