Thursday, March 28, 2024
Follow Us
පෙට්‍රල් ලීටරයකින් සියයට එහා ලාභයක්

භූමිතෙල් ලීටරයකින් විශාල පාඩුවක්


ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.

ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව ද එම වාර්තා වේ සඳහන් ව තිබේ.

 

Aruna