Thursday, February 19, 2026
Follow Us
සමාජ ආරක්‍ෂණ බදු නිසා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ බදු බර සියයට 45කින් ඉහළට

මෙම මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ සමාජ ආරක්ෂණ බද්ද මෙන්ම රජය විසින් ඉකුත් කාලසීමාව තුළදී පනවන ලද අනෙකුත් බදු හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වයන් තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ බදු බර සියයට 45කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් ඉවත් වී ඇති බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පෙන්වා දුන්නා.

Neth