Thursday, February 19, 2026
Follow Us
පෙට්‍රල් අඩු කලාට සහනයක් නෑ

ඩීසල් මිලත් අඩුකරන්න ඉල්ලීමක්


පෙට්‍රල් මිල අඩුකිරීමෙන් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් ඩීසල් මිල අඩුකිරීමෙන් පමණක් ජනතාවට සහනයක් ලබා දිය හැකි බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය ඇතුලු තවත් සංගම් කිහිපයක් පවසයි.

01 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහළ දැමීමට කටයුතු කළද ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ඔවූන් පෙන්වා දෙයි.

මෙවන් තත්වයක් තුළ ඩීසල් මිල අඩුකිරීමට හැකියාව තිබියදී පෙට්‍රල් පමණක් අඩුකිරීම සාධාරණ නොවන බවයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

Aruna