Thursday, February 19, 2026
Follow Us
පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්

ජාතික පිළිකා මර්දන වැඩසටහනෙන් ප්‍රකාශයක්


සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ, පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඊයේ (01) දිනයෙන් ආරම්භ විය.

එය පාදක කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමටත් හඳුනාගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇත.

Aruna