Wednesday, October 23, 2024
Follow Us
අදත් වැසි !

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (28) දිනයේද තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඌව, නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 කට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දිවයිනේ සෙසු පළාත්වලට ද මිලිමීටර් 50 ඉක්මවන වර්ෂාපතනයක් අපේක්ෂා කළහැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ගිණිකොන දෙසින් මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ ඇතිවන කැළඹිලි තත්වයක් මෙම වර්ෂා සහිත කාලගුණයට හේතුව බව ද වාර්තා වෙනවා.

නැගෙනහිර සහ දකුණු පළාත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුළං තත්වය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර ප්‍රජාව වෙත දැනුම් දෙයි.

 

(LNW)