Thursday, February 19, 2026
Follow Us
ඉල්ලුම අඩුවීමෙන් වාහන මිල ක්‍රමයෙන් පහළට

ඉල්ලුම අඩුවීම හේතුවෙන් වාහන මිල ගණන් අඩුවී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් රුපියල් ලක්ෂ 30 ට අඩු වාහනවල මිල ගණන් අඩුවී නොමැති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පැවසුවා. අමාත්‍යවරයා පැවසුවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවයි.

Neth