Thursday, February 19, 2026
Follow Us
තොටළඟ ගින්නෙන් නිවාස 80කට හානි

ගින්නෙන් 200කට අධික පිරිසක් අවතැන්


තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබේ.

ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව මැඩපවත්වනු ලැබීය.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබේ.

ඔවුන්ට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් සලසා දී ඇති බවයි පොලිසිය පවසයි.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Aruna