Thursday, February 19, 2026
Follow Us
උසස් පෙළ විභාගය කල් දන්න ඉල්ලීමක්

සිසුන්ට විශාල අසාධාරණයක්


මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමෙන් තමන්ට අසාධාරණයක් සිදු වන බවට දෙවන වරට එම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් චෝදනා කරයි.

උසස් පෙළ විභාග ප්‍රතිපල නිකුත් කිරීමට මාස 6ක කාලයක ගත වීමත් මාස 3කින් යලි එම විභාගයට මුහුණ දීමට සිදු වීමෙන් තමන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටින බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

එබැවින් මෙවර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය මාස 2කින් හෝ 3කින් කල් දමන ලෙස ඔවුන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Aruna