Thursday, February 19, 2026
Follow Us
බාල ප්‍රමිතියෙන් යුත් බොරතෙල් ආනයනය නිසා ඛනිජ තෙල් කේෂ්ත්‍රය දැවැන්ත අර්බුදයක - වෘත්තීය සමිති චෝදනා කරයි

බාල ප්‍රමිතියෙන් යුත් බොරතෙල් මෙරටට ගෙන්වීම නිසා මෙරට ඛණිජ තෙල් ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසනවා.

එහි සභාපති අශෝක රංවල පැවසුවේ පසුගිය සමයේ ගෙන්වූ සල්ෆර් අධික බොරතෙල් හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මේවනවිට මතුව ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය මෙරට ජනතාවට ලබා දීමට නොහැකි වී ඇති බවද ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.

 

Neth