Monday, July 07, 2025
Follow Us
ගුරු - විදුහල්පති වැඩ වර්ජනය අද දිනයේත්

ගුරු සහ විදුහල්පති සංගම් අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ ආරම්භ කළ වර්ජනය දෙවන දිනටත් අද කි‍්‍රයාත්මකයි.

මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ඊයේ දිනයේ පාසල් රැසක අධ්‍යයන කටයුතුවලටද බාධා එල්ල වුණා.

සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකළහොත් ලබන මස 7 වනදා සිට දින 5 ක වර්ජනයක් ආරම්භ කරන බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

(Neth)