Thursday, February 19, 2026
Follow Us
ගෝඨාගේ පොරොන්දුව නිසා සතොස අමාරුවේ

ලංකා සතොසට විශාල පාඩුවක්


ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයන කරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරිණි.

හිටපු ජනාධිපති ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කෙරුණි.

Aruna