Thursday, February 19, 2026
Follow Us
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

තරුණයින් පාරට බසී


සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බව වාර්තා වේ.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයින් සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.

Aruna