Wednesday, February 18, 2026
Follow Us
විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 85 දෙනෙකු නාවික හමුදාව භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 85 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව විසින් මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි.

එහිදී සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර සිදුකළ පරීක්ෂා කිරීමකදී යාත්‍රාවේ ක්‍රියාකරුවන්ද සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් හැට දෙනෙකු, කාත්තාවන් දහහතර දෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු එකළොස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 85 දෙනෙකු සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

Neth