Wednesday, February 18, 2026
Follow Us
ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක්

පෝෂණ දීමනාව හිමි නොවූවන්ට දීමනා දීම අරඹයි


මෙම වසරේ ජූනි සහ ජූලි මාසවල රුපියල් 20,000ක පෝෂණ දීමනාව හිමි නොවූ ගර්භණි කාන්තාවන් සඳහා එම දීමනාව ලබාදීම දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර තිබේ.

ඒ අනුව, ජූනි හා ජූලි මාස සඳහා වන පෝෂණ දීමනාව සැප්තැම්බර් මාසය තුළ දී ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

ප්‍රතිපාදන නොලැබීමේ තත්ත්වයක් තුළ ගර්භණි කාන්තාවන් ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටුවා තිබූ නමුත් මේ වන විට ලැබෙන ප්‍රතිපාදන මත අදියර කිහිපයක් යටතේ දිවයින පුරා අදාළ දීමනාව ලබාදීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ගර්භණි කාන්තාවන් සඳහා ලබාදෙන පෝෂණ දීමනාව ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ

Aruna