Wednesday, February 18, 2026
Follow Us
ඩීසල් බෙදාහැරීමේ අඩුවක්

කොළඹ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් බෙදාහරිනු ලබන්නේ සතියකට එක්වරක් හෝ දෙවරක් පමණක් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ එලෙසෙ නිකුත් කෙරෙන ඩීසල් ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බවයි. නව කාණ්ඩ සඳහා QR කේතය හඳුනාව දෙන්නේ නම් ඊට පෙර පිරවුම්හල් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද ඉහළ දැමිය යුතු බවයි ඔහු සඳහන් කළේ.

රටට ඩොලර් ගෙන එන පතල් කර්මාන්තය සඳහා ද පිරවුම්හල් හරහා ඉන්ධන ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසට මෙහිදී ඉල්ලීමක් ද කෙරුණා.

Neth