Monday, July 07, 2025
Follow Us
සමාජ ජාල කැළඹූ ඇතින්නගේ අවසන් කටයුතු අද

මියගිය ”කෑගල්ල ටිකිරි” නම් ඇතින්නගේ අවසන් කටයුතු අද (25) සිදු කිරීමට නියමිතයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉකුත් දා දැඩි කථා බහට ලක් වු ටිකිරි ඇතින්න ඊයේ (24) පස්වරුවේ මිය ගියා.

ඒ වනවිට මෙම ඇතින්නගේ වයස අවුරුදු 78ක්. කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙම ඇතින්න මහනුවර දළඳා පෙරහැරේ ගමන් කරන්නේ වයස අවුරුදු පහේ සිටයි. වයෝවෘධ වූවත් අලංකාර වස්ත‍්‍රාභරණයෙන් සැරසී මෙවර දළඳා පෙරහැරේද ටිකිරි ඇතින්න ගමන් කළා.

ඉකුත් වසරේ පෙරහැරේ ගමන් කළ මෙම ඇතින්න ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් හේතුවෙන් පිඩාවිඳි බවයි වාර්තා වුණේ.

 

(Neth)