Sunday, October 04, 2026
Follow Us
කොළඹ තවත් වෙඩි තැබීමක්

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ


කෙසෙල්වත්ත පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් වීදියේ නිවසක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ (08) රාත්‍රී 7.30ත් 7.45ත් අතරතුර දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මුහුණු ආවරණය කරගත් නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අදාළ නිවස තුළට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

Aruna