Monday, July 07, 2025
Follow Us
යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ යලි නාවික හමුදා සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා ගෙන් ලද අනුමැතියට අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට අදාල නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඊයේ (24) අත්සන් තබා තිබෙනවා.

කාර්ල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාලව නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනමකට ලක් කරනු ලැබුවා.

(Neth)