Tuesday, December 30, 2025
Follow Us
ළමා රෝහලේ ළමුන්ට මස් බිත්තර කන්න නැතිවෙ

රෝගී දරුවන්ට පරිත්‍යාගශීලීන්ගේ ආධාර අඩුවෙලා


රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ ආහාර වේලට මස්, මාළු සහ බිත්තරවල හිඟයක් නැවත මතුව ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි.

රෝගී දරුවන්ට ප්‍රෝටීන් අඩංගු ආහාර ලබාදීම අනිවාර්ය බැවින් සැපයුම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය කාලයේ පරිත්‍යාගශීලීන්ගේ ඉදිරිපත්වීම මත මෙම අඩුපාඩුව සපුරා ගැනීමට හැකි වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය.

කෙසේ නමුත් මේ වනවිට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ආධාර පවා අඩුවෙමින් පවතින බැවින් ආහාරවල අර්බුදයක් නැවත පැන නගිමින් පවතින බව වෛද්‍යවරයා සඳහන් කරයි.

Aruna