Tuesday, December 30, 2025
Follow Us
අඩුවට ගෙවල් දෙන්න ආණ්ඩුවෙන් ක්‍රමවේදයක්

ඩොලර් වලින් ගෙවනවානම් ලැබෙන ලාභ මෙන්න


නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඇමරිකානු ඩොලර්වලින් ගෙවා මිල දී ගන්නා අයට සියයට දහයක වට්ටමක් ලබාදීමට තීරණය කර ඇත.

විදෙස්ගත ලාංකිකයන්ට සහ ශ්‍රමිකයන්ට ඩොලර්වලින් ගෙවා අදාළ නිවාස මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පැවසීය. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් බව ද ඔහු කීවේය.

එවැනි මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක වැඩ මේ වන විට අවසන් කර ඇත. බොරැල්ලේ නිවාස ඒකක 608ක් සහ අංගොඩ නිවාස ඒකක 500කින් සමන්විතයි.

මේ වන විට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12ක් ඉදිකෙරෙමින් පවතින බවද ඇමැතිවරයා කීවේය. නිවාස ඒකක 3,667ක් ඊට අයත්ය.

Aruna