Thursday, April 09, 2026
Follow Us
STF ලොක්කියක් පිරිමි වෙස්ගෙන අමුතු රැඟුම් පාලා

පුරුෂ හැදුනුම්පතක් භාවිත කරන බවට ද චෝදනා


පොලිස් විශේෂ කාර්ය බළකායේ එක්තරා ඉහළ නිලධාරිනියක හේතුවෙන් නවක නිලධාරිනියන් බොහෝ දෙනකු අපහසුතාවට පත් ව සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි. මෙම ඉහළ නිලධාරිනියගේ හැසිරීම පුරුෂයකු හා සමාන බවට ද ඇය පුරුෂ හැදුනුම්පතක් භාවිත කරන බවට ද චෝදනා එල්ලවේ.

රාත්‍රී කාලයේ කාන්තා නේවාසිකාගාර තුළට රින්ගමින් නවක නිලධාරිනියන්ට විවිධ පංති පවත්වන මැය නිතර අසභ්‍ය වචන දොඩවන්නියක ලෙස ද ප්‍රසිද්ධය.

මෙම ඉහළ නිලධාරිනිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුවගෙන් විමසූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ දැනට අනාවරණය වී ඇති කරුණු පදනම් කරගෙන ඇය ගැන සොයා බැලීමට කටයුතු කරන බවයි.

Aruna