Tuesday, December 30, 2025
Follow Us
සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කරලා

සැකකරු පළාගිහින්


දඹුල්ල පොලිස් වසමේ කොට්ටවෙල ප්‍රදේශයේදී ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

ඊයේ (04) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ගීතා කුමාරි කරුණාතිලක නම් කොට්ටවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය විදේශ ගතව සිට පසුගිය 31 වනදා නැවත පැමිණ ඇගේ මවගේ නිවසේ සිටියදී ස්වාමි පුරුෂයා විසින් ගෙල කපා ඝාතනය කර ඇත.

දීර්ඝ කාලයක සිට දෙදෙනා අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතය.

ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Aruna