Wednesday, February 18, 2026
Follow Us
දුම්රිය 20ක් අවලංගුයි

දුම්රියට ලිහිසි තෙල් නෑ


දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් නොමැති වීමෙන් දෛනිකව දුම්රිය විස්සක් පමණ අවලංගු වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ පැවසීය.

එමෙන්ම එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිවීම නිසා නියමිත කාලය තුළ අලුත්වැඩියා කරගත නොහැකිව තිබෙන බවත් මෙම තත්ත්වය මත සමස්ථ දුම්රිය එන්ජින් ඇණියෙන් සියයට පනහක්ම ධාවනයෙන් ඉවත් කළ යුතු වීමේ අවදානමක පවතින බවත් හෙතෙම කීවේය.

Aruna