Thursday, May 16, 2024
Follow Us
සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයට රෝගීන් යොදාගැනීම ගැන වාර්තාවක් ඉල්ලයි

පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළයුතු සායනික පරීක්ෂණයක් ආයුර්වේද රෝහල මගින් රෝගීන් යොදා ගෙන කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස්වරයා නියෝග කර තිබේ.

මෙසේ වෛද්‍ය රාසායනාගාරයක මීයන් බවට ශ්‍රී ලංකාවේ ජනතාව පත්කර ඊට පසුව වාර්තා කැදවීම කොතෙක් දුරට ගැලපේනනේද කියා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දේශීය ආයුර්වේද වෛද්‍ය සභාව පවසයි.

ඉකුත් 2016 වසරේ සිදු වු බව කියන එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවට කරුණු දැක්වීමට අපේක්ෂිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

(Lanka Leads)