Thursday, April 09, 2026
Follow Us
ඉන්ධන අර්බුදය ඉවරයි?

කරළියට එන අලුත්ම ත්‍රිරෝද රථ


විද්‍යුත් ත්‍රිරෝද නිෂ්පාදනය සඳහා මෙරට සමාගම් කිහිපයක් මුලපුරා තිබේ‍.

එම සමාගම් එක්ව පැවැත්වූ වැඩසටහනක් අද (30) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුකෙරුණි.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුග්‍රහයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෝටර් රථ හා ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි.

අදාළ සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද e-OTTO විද්‍යුත් ත්‍රිරෝද රථ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිරීක්ෂණයට ද ලක්විය.

Aruna