Tuesday, December 30, 2025
Follow Us
මට්ටක්කුලියේ වෙඩි තැබීමක්

වෙඩි කෑ තරුණයා ජාතික රෝහලට


ඊයේ (29) රාත්‍රී කාලයේදී මට්ටක්කුලිය පොලිස් වසමේ අලිවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයක් භාවිතා කර අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ අවුරුදු 26 ක් පමණ වූ මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවට පොලිසිය සැකකරනු ලබන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Aruna