Tuesday, December 30, 2025
Follow Us
ජනතාව අරක්කු බීම අඩු කරලා

කසිප්පු අලෙවිය ඉහළ යාමේ අවදානමක්


මෙරට මත්පැන් අලෙවිය සැලකිය යුතු මට්ටමකින් පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

මේ වසරේ ගත වූ මාස කිහිපය දේශීය ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක අලෙවිය පහත වැටී ඇති බව එම ඔහු සඳහන් කරයි.

මීට ප්‍රධානතම හේතුව ජනතාව දැඩි ආර්ථික පීඩාවකින් සිටීම බව එම නිලධාරියා පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කසිප්පු ඇතුළු නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යා හැකි බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සුරාබදු වැටලීම් නිලධාරීන් වැඩි වශයෙන් යොදවමින් රටපුරා වැටලීම් පවා වැඩි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

මේ තත්ත්වය මත රජයට ලැබෙන සුරාබදු ආදායමට ද තර්ජනයක් එල්ල වී තිබේ.

Aruna