Tuesday, December 30, 2025
Follow Us
ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් තුන් දෙනා සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් නියෝගය

අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් තුන් දෙනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය සැප්තැම්බර් මස 26 වනදා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කුරුදුවත්ත පොලිසියට අද නියෝග කළා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා සිදු කෙළේ යැයි සැකකරුවන් චෝදනාවට ලක්ව සිටිනවා. එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. මෙම අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින දානිෂ් අලි ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිසිල් වසන්ත නැමැති සැකකරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. මෙම නඩුව සැප්තැම්බර් 26 වනදා යළි කැදවීමට නියමිතයි.

Neth