Wednesday, February 18, 2026
Follow Us
හොරෙන් එතෙර වෙන්න ගිය පිරිසක් අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවෙන් රටින් යන්න ගිහින්


නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 44 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 02ක් සහ වයස අවුරුදු 18ට අඩු දෙදෙනෙක් ඇතුළුව පුද්ගලයන් 29 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.

එම පිරිසෙන් 29 දෙනෙකු මඩකලපුව, වලෙයිතෝට්ටම් වෙරළ ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාව සමග සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.

මීට අමතරව එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සිට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

Aruna