Wednesday, February 18, 2026
Follow Us
දිස්ත්‍රික්ක 6කට මදුරු මර්දන වැඩසටහන්

මේ වසරේ ඩෙංගු රෝගීන් 41,918ක් වාර්තා වෙයි


දිස්ත්‍රික්ක 06 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.

ලබන පළමු වැනිදා සිට 03 වැනිදා දක්වා එම වැඩසටහන ක්‍රියත්මකයි.

කොළඹ, ගම්පහ, කළුතර ,මහනුවර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල එම වැඩසටහන සිදුකරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක් ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර , වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,918 කි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ, මදුරුවන් බෝ නොවන ආකාරයෙන් පරිශ්‍ර පවත්වාගෙනයාමට කටයුතු කරන ලෙසය.

Aruna