Wednesday, February 18, 2026
Follow Us
ප්ලේන් එකේ දී හිතවත් වූ කත දරුවා දී පලා ගිහින්

දරුවා දමා ගිය කාන්තාව සොයා මෙහෙයුම්


සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය පුවතක් කළුතර පොලිසියෙන් වාර්තා වෙයි.

කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි එස්. ශාන්ත අප්පුහාමි යන අය විසින් කළ පැමිණිල්ලක් අනුව කළුතර පොලිසිය විසින් මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක ගුවන් යානයේදී හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බව පැමිණිලිකරු සදහන් කර ඇත.

එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් නැවත නොපැමිණි බවත් ඔහු සඳහන් කරයි.

Aruna