Wednesday, February 18, 2026
Follow Us
අරගල ක්‍රියාකාරිකයින් 11 දෙනෙකුට අධිකරණයෙන් ඇප

අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියත් නිකේෂල හා බලංගොඩ කාශ්‍යප හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

මේ අතර ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින ළහිරු වීරසේකර හා තවත් සැකකරුවෙක් අධිකරණයට 26 ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් ද රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.

Neth