Wednesday, February 18, 2026
Follow Us
ඉන්ධන නොමැතිව පිරවුම්හල් රැසක් වැසෙයි

ඉන්ධන බෙදා හැරීමේ ගැටළුව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට සිදුව තිබෙනවා. එමෙන්ම රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ යලි දිගු වාහන පෝලිම් අද පෙරවරුවේ සිට දැකගත හැකි වුණා.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වලට ඇණවුම් කළ ඉන්ධන තොග ලැබී තිබුණේ නැහැ. ඒ හේතුවෙන්, කිව්.ආර්. ක්‍රමවේදයට හෝ ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට පෙට්‍රල් තොග ලැබී තිබුණද ඩීසල් තොග ලැබී තිබුණේ නැහැ. මේ හේතුවෙන් පොදු ප්‍රවාහනයටද අද බලපෑම් එල්ල වී තිබුණා.

බෙදුම්කරුවන්ගෙන් හා පිරවුම්හල් හිමියන්ගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ නියමිත පරිදි ඉන්ධන තොග තවමත් නොලැබෙන බවයි.

Neth