Wednesday, February 18, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයට තෙල් නැහැ

සෞඛ්‍ය සේවයේ දෛනික කටයුතු මුළුමනින්ම අඩපණවෙලා


සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ලබාදි තිබියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය පිරවුම්හල්වලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් සහ අමාත්‍යාංශයේ දෛනික කටයුතු මේ වන විට මුළුමනින්ම අඩපණව ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

රාජකාරී කටයුතු සඳහා අමාත්‍යාංශ නිලධාරින් වෙනත් ප්‍රදේශයන් වෙත ගෙනයෑමට හා ඖෂධ ප්‍රවාහනයට නොහැකි වීම හේතුවෙන් ගැටලු ගණනාවක් මතුව ඇතැයි ද හෙතෙම පැවසුවේය.

පෞද්ගලික අංශයේ ආයතන වෙත ඉන්ධන නිකුත් කරන අතර, සංස්ථාවට කලට වේලාවට මුදල් ලබා දුන්න ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් නොකරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම ප්‍රකාශකයා පැවසීය.

ඖෂධ ගෙන යෑම සඳහා පිට ප්‍රදේශවලින් කොළඹට පැමිණි ලොරි රථ සඳහා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඒවාට නැවත අදාළ රෝහල් කරා යාමට නොහැකි වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Aruna