Wednesday, February 18, 2026
Follow Us
පුද්ගලික බස් ධාවනයත් සියයට 50 කින් අඩුවන ලකුණු

ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් අද දිනයේ බස් ධාවනය සියයට 50 කින් පමණ අඩුවනු ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ ඉකුත් දින කිහිපයේ ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවයි.

ලබන සතිය තුළ අඛණ්ඩ බස් ධාවනයක් ලබාදීමට නම් මෙම සති අන්තයේදී ප්‍රමාණවත් ඩීසල් තොග ලැබිය යුතු බවටයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඇතැම් වාර්තාවල දැක්වුණේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඇතැම් ඩිපෝ සඳහා ද ඉන්ධන ලැබීමේ යම් ගැටළුවක් පවතින බවයි.

Neth