Tuesday, December 30, 2025
Follow Us
ලංකාවට පිටරට සල්ලි එන්න පටන් ගනී

සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුවක්


මේ මස මුල් සති තුනේ විදෙස් සංචාරකයින් 30,000ට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු 01 සිට 23 දක්වා කාලය තුළ සංචාරකයන් 31,105 ක් මෙරටට පැමිණ ඇත.

අගෝස්තු මාසය සඳහා සතිපතා පැමිණීමේ ප්‍රවණතාවය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මාසයේ මුල් සතියේ (අගෝස්තු 01-07) වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි බවයි. ඊළඟ සතිවල පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.

අගෝස්තු මාසයේ මුළු සංචාරක පැමිණීම ජූලි මාසයට වඩා අඩු විය හැකි අතර එය 47,293 කි.

අගෝස්තු මාසය සඳහා ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛතම මූලාශ්‍ර වෙළෙඳපොළ තුන වූයේ එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ජර්මනියයි. අගෝස්තු 10 සිට 23 දක්වා කාලය තුළ එක්සත් රාජධානියෙන් පැමිණි සංඛ්‍යාව 5,872 ක් වූ අතර ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි මුළු සංඛ්‍යාව 4,262 ක් සහ 2 ,779 ක් වෙයී.

මේ වසරේ ජනවාරි 01 වනදා සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 489,775ක්.

Aruna