Tuesday, February 10, 2026
Follow Us
නයාරු ගුරුකන්ද විහාරාධිපතිගේ දේහය වෙරළ තීරයේ ආදාහනය කරන්න නියෝගයක් – එය නොතකා පන්සල් භූමිෙය් අාදායන කටයුතු කරයි

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන පූජෝත්සවය විහාරස්ථානය ඉදිරිපිට වෙරළ තීරයේදී සිදුකිරීමට අවසර ලබාදෙමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

ඒ උන්වහන්සේගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අපවත්වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදහනය සම්බන්ධයෙන් වන නඩුව අද පෙරවරු 09ට පමණ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව වෙනුවෙන් අධිකරණයේ සිටින දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ පෙනී සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය

(Lanka Leads)