Tuesday, December 30, 2025
Follow Us
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ආරක්ෂක ඇමතිට පැවරෙන බලතල ගැන පැහැදිළි කිරීමක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේවනවිට සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසියම් සැකකරුවකු රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දීමට ආරක්ෂක අමාත්‍යවරයාට බලතල පැවරී ඇත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.

එලෙස රැදවුම් නියෝග මත රඳවා ගෙන සිටින සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අදාල මහේස්ත්‍රාත් අධිකරණයට සහ සැකකරුගේ ඥාතීන් වෙත ලබාදිය යුතු බවටද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ඇතුලත් වන බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුටත් සදහන් කළේ.

Neth