Wednesday, February 18, 2026
Follow Us
සෞඛ්‍ය අංශයෙන් දැනුම් දීමක් : කොවිඩ්, ඩෙංගු, ඉන්ෆ්ලුවැන්සා ඇතුළු වෛරස් උණ රෝග කිහිපයක් සමාජයේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 06 ක් ඊයේ වාර්තා වුණා. වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 03 දෙනෙකු සහ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 03 දෙනෙකු ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේදී අළුතින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් ගණන 130 ක්. කොරෝනා ආසාදිතයින් මෙන්ම ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස ආසාදිත උණ රෝගීන් ද මේ දිනවල වාර්තා වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ.

පවතින තත්ත්වය යටතේ කොවිඩ් මර්දන වර්ධක එන්නත් ලබාගැනීම වැදගත් බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Neth