Thursday, April 09, 2026
Follow Us
මාගාල්ලේ ගින්නකින් නිමි ඇඳුම් වෙළෙදසැලක් සම්පුර්ණයෙන් විනාශ වෙයි

ගාල්ල, මාගාල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළෙඳසැලක ඊයේ රාත්‍රියේ ඇතිවූ ගින්නකින් එම වෙළෙඳසල සම්පුර්ණයෙන්ම විනාශවී තිබෙනවා.

ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය සහ නාවික හමුදා ගිනි නිවන ඒකකවල ගිනිනිවන රථ තුනක් ගින්න නිවා දැමීමේ මෙහෙයුම්වලට යොදවා තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙන අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව ගාල්ල වරාය පොලීසිය පැවසුවා.

Neth