Tuesday, February 17, 2026
Follow Us
ගෝඨා ගෝ හෝම් සංවිධායකයකු අත්අඩංගුවට

ප්‍රංශයේ සිට ඇවිත් කලබල සංවිධාන කළ සැකකරු අල්ලයි


පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල ඝාතනයත් සමග නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව ප්‍රංශයේ සිට පැමිණි අර්ජුන් අමදෝරු නමැති පුද්ගලයකු නිට්ටඹුව පොලිසිය විසින් පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේ ස්ථාන කිහිපයකදී සිදුකරන ලද කලහකාරී සිදුවීම් කිහිපයක්ම සංවිධානය කිරීමට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අර්ජුන් අමදෝරු ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවකු බවත් ඔහු ගෝඨා ගෝ හෝම් අරගලයේ එරට ක්‍රියාකාරියකු මෙන්ම සංවිධායකයකු බවත් ඔහු මෙරටට පැමිණ ඇත්තේද අරගලයට සහාය දැක්වීමකට බවත් නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.

Aruna