Wednesday, October 23, 2024
Follow Us
වෘත්තීය සමිති 28 ක් - රට පුරා රාජ්‍ය සේවකයෝ අද ලෙඩ වෙති

රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා අද දිනයේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මුල් කර ගනිමින්.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය, සමස්ත ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ, ශ‍්‍රී ලංකා ගුරු සංගමය මෙන්ම කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගම්ද එක්වනවා.

හෙට දිනයේ ගෙන ඒමට නියමිත කැබිනට් පති‍්‍රකාවට විරෝධය පළකිරීම මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයේ අරමුණ බව ශ‍්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් අජිත් කේ තිලකරත්න නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි මහජන සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

රාජ්‍ය සේවකයින් ලක්ෂ 02කට ආසන්න පිරිසක් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්වනු ඇති බවට ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)