Tuesday, February 17, 2026
Follow Us
කොළඹ – පුත්තලම මාර්ගයේ ගමනාගමනයට සීමා

රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්න කියයි


කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය වයික්කාල දුම්රිය හරස් මාර්ගය අසලින් සීමා කර තිබේ.

වයික්කාල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් එම පියවර ගත් බව පොලීසිය පැවසුවේය.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ දෙස සිට හලාවත දෙසට ගමන් ගන්නා වාහන තෝප්පුව හන්දියෙන් දංකොටුව දෙසට හරවා තඹරවිල වයික්කාල මාර්ගයේ හෝ දංකොටුව බෝලවත්ත මාර්ගයේ ගමන් කළ හැකියි.

හලාවත සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන බෝලවත්ත මංසන්ධියෙන් දංකොටුව මාර්ගයට හරවා ගමන් කළ හැකි බව ද පොලිසීය සඳහන් කළේ ය.

Aruna