Tuesday, December 30, 2025
Follow Us
පරිවාස ළමයෙකුගේ නඩත්තුවට ලැබෙන්නේ රුපියල් විස්සයි

ළමා සංවර්ධන මධ්‍යස්ථාන නඩත්තුවත් අභියෝගයක


ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමුන් නඩත්තු කිරීම සඳහා රජය ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමය ඊයේ (19) කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර කර ඇත

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ ඇතැම් පළාත් සභාවලින් ළමුන් සඳහා දිනකට ලබාදෙන්නේ රුපියල් 20ක් වැනි සුලු මුදලක් බවයි

මෙරට ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන අධීක්ෂණය කරන්නේ පළාත් පරිවාස හා ළමාආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් විසිනි.

ළමා සංවර්ධන මධ්‍යස්ථාන අතළොස්සක් රජයෙන් පාලනය වන අතර අතිමහත් ප්‍රමාණයක් ස්වෙච්ඡා සංවිධානවලින් පාලනය වෙයි.

කෙසේ වෙතත් ඇතැම් පළාත් සභාවලින් එක් ළමයෙකුට නඩත්තු ආධාර ලෙස දෛනිකව රුපියල් 20ක් වැනි සුලු මුදලක් ගෙවීමෙන් පරිවාස භාරයට පත්වූ ළමුන් අධිකරණ කටයුතුවලට රැගෙන යාමේදී පරිවාස නිලධාරීන් දැඩි අපහසුතාවයන්ටද මුහුණදී සිටී

Aruna