Tuesday, February 17, 2026
Follow Us
ජෙහාන් අප්පුහාමිට එරෙහිව විදෙස් ගමන් තහනමක් !

ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ ජනප්‍රිය නළු ජෙහාන් අප්පුහාමි මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා විසින් ඊයේ (19) නිකුත් කර තිබේ.

ඒ, පෙරේදා පැවති ශි‍ෂ්‍ය විරෝධතාවක් අතරතුර අත් අඩංගුවට ගනු ලැබූ ජෙහාන් අප්පුහාමි පොලිස් අත් අඩංගුවෙන් පළාගොස් ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමකින් අනතුරුව ය. පොලිස් අත් අඩංගුවෙන් පළාගොස් ඇති ඔහු විදෙස්ගත වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

කෙසේවෙතත් ජෙහාන් අප්පුහාමි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මරදාන පොලිසියට ගිය බවත් එහිදී ඔහුව අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නොවන බව මරදාන පොලිසියේ නිලධාරීන් ප්‍රකාශ කිරීම නිසා ඔහු පිටව ගිය බවත් ය. තම සේවාදායකයා කිසිවිටෙක පොලිස් අත් අඩංගුවෙන් පළාගිය අයෙකු නොවන බව පෙන්වා දුන් නීතීඥවරයා ඔහු ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බවත් දැනුම් දුන්නේය.

LNW