Thursday, April 09, 2026
Follow Us
අන්තරේ කැඳවුම්කරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරයි !

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබේ.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ය.

පෙරේදා (18) කොළඹදී පැවති විරෝධතා පාගමනක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර අප්‍රේල් 09 වනදා සිට රටේ පැවති විරෝධතා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රඳවා තබාගැනීමට නියමිත බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ.

LNW