Tuesday, February 17, 2026
Follow Us
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිතයි : කොවිඩ් ආසාදිත පරික්ෂාව සිදුකරන අයුරු සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

පී සී ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සීමා සහිත වීම හේතුවෙන් කොරෝනා ආසාධිතයින් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන්නේ තෝරාගත් ක්‍රමවේදයක් යටතේ පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ සියලු පිරිස් තවදුරටත් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතවීම අත්‍යාවශ්‍ය බවයි.

කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගැණුනා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඊයේ දිනයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 06 ක්.

Neth