Tuesday, February 17, 2026
Follow Us
අන්තරේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට නොගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වැඩ වරදී

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ඊයේ පැවති විරෝධතා පා ගමනේදී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට නොගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ යුනියන් පෙදෙසේදී අදාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගෙන පොලිස් බස්රථයට නංවන ලෙසට එම ස්ථානයේ සිටි උසස් පොලිස් නිලධාරීන් අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාට උපදෙස් දී ඇති බවයි.

එලෙස ක්‍රියාත්මක නොවූ පොලිස් නිලධාරීන් දෙදෙනා ශිෂ්‍ය ක්‍රියාකාරිකයාට එම ස්ථානයෙන් පිටත්වීමට අවස්ථාව සලසාදී තිබෙනවා. කෙසේවෙතත් ඉන් අනතුරුව අදාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයා ඇතුළු පාගමනට එක්වූ 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ මෙම පා ගමන සංවිධාන කර තිබුණා.

කොළඹ ලිප්ටන් වටරවුමේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විශ්ව විද්‍යාල සිසුන් ගමන් කරමින් සිටියදී යුනියන් පෙදෙසේදී පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර පාගමන විසුරුවා හැරියා.

Neth