Monday, December 29, 2025
Follow Us
කාර්යාල දුම්රියක් සතියකට නවතී

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය


දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය ධාවනය ඊයේ (17 වැනිදා) සිට සතියක කාලයකට අත්හිටුවා ඇත.

පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර, අංක 528 පොල්ගහවෙල – කොළඹ දුම්රියේ රියදුරුගේ නිදන කාමරය ද ඇති බවත් එම කාමරයේ මහනුවර – පොල්ගහවෙල දුම්රියේ රියදුරුට නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු දුම්රිය ධාවනයෙන් ඉවත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Aruna